Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දූෂණ චෝදනාවකට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
    Featured

    දූෂණ චෝදනාවකට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්

    By LFNApril 2, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසය.

    මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ, වයි.එම්.පී බණ්ඩාර නැමති හිටපු තාක්ෂණ නිලධාරියෙකු, සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර නැමති හිටපු ලේකම්වරයෙකු මෙන්ම අමල් තුෂාර විතාරණගේ නැමති හිටපු ලිපිකරුවෙකු බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අතර හිටපු විෂය ලිපිකරුවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් තිබුණි.

    2017 සහ 2016 වර්ෂවල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති ‍ හැත්ත හතකට අදාළව රු 71,645,226.32 මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

    මෙම ව්‍යාපෘති 77න් පහළොවක් සිදුකර නොමැති බව අධිකරණය හමුවේ හෙළිව තිබේ.

    මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පවසා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.