Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
    Featured

    රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්

    By LFNApril 2, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.

    දිවයිනේ රක්ෂණ සමාගම් ශාඛා ගණනාවකින්ම මේ අත්දැකීම් විඳීමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති.

    ඇතැම් රක්ෂණ සමාගම් අනතුරුවලට ලක්වන වාහන අලුත්වැඩියාව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදීම මැලිකමක් දක්වන බව අප කළ කරුණු සොයා බැලීමකදීද තොරතුරු අනාවරණය විය.

    ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසු මේ තත්වය උග්‍ර වූ බව බොහෝ දෙනා පෙන්වා දෙති.

    සමහර අවස්ථාවලදී විවිධ කාරණා ප්‍රශ්න මතු කරමින් අනතුරට අදාල නියම තක්සේරු වටිනාකම ලබා නොදී මගහරින බව කියති.

    මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වගකිව යුත්තන්ට දැනුම් දී ඇතත් මෙතෙක් විසඳුම් ලැබී නැති බව ජනතාව පවසති.

    මේ සම්බන්ධයෙන් අප සමග කරුණු දැක්වූ ශ්‍රී ලංකා උපස්ථායක සංගමයේ ප්‍රධාන ලේකම් ඔෂාන් චමීර සමන් කුමාර මහතා පැවසූවේ කලවාන ප්‍රදේශයේ රක්ෂණ ශාඛාවකින්ද තමාට මෙවැනි අත්දැකීමක් විඳීමට සිදුවූ බවයි.

    වාහනේ අනතුරු රක්ෂණ වන්දිය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි නියෝජිතයන් විවිධ ප්‍රශ්න කියමින් එම රක්ෂණ වන්දිය ලබාදීම මගහැරි බව පැවසූ සමන් කුමාර මහතා මේ සම්බන්ධයෙන් තමා වගකිවයුතු අංශ වලට පැමිණිලි කර අැතැයිද ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.