Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අප්‍රේල් 11 දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්
    Featured

    අප්‍රේල් 11 දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

    By LFNApril 2, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි ඒ බව පැවසීය.

    එමෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවය.

    පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

    එමෙන්ම ගොඩනැගිලි කඩා වැටීමත් සමග සුන්බුන්වලට යටවී අතුරුදන්වූවන් සොයා මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුකෙරෙන මෙහෙයුම් අඛණ්ඩව සිව්වන දිනටත් ක්‍රියාත්මකව පවතී.

    මේ අතර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට පිටත්කිරීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    අමාත්‍යවරයා පැවසුවේ අදාළ තනාපති කාර්යාල වලින් දැනුම් දීම් කළ වහාම අදාළ වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවීම සඳහා කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.