Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අප්‍රේල් 11 දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්
    Featured

    අප්‍රේල් 11 දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

    By LFNApril 2, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි ඒ බව පැවසීය.

    එමෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවය.

    පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

    එමෙන්ම ගොඩනැගිලි කඩා වැටීමත් සමග සුන්බුන්වලට යටවී අතුරුදන්වූවන් සොයා මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුකෙරෙන මෙහෙයුම් අඛණ්ඩව සිව්වන දිනටත් ක්‍රියාත්මකව පවතී.

    මේ අතර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට පිටත්කිරීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    අමාත්‍යවරයා පැවසුවේ අදාළ තනාපති කාර්යාල වලින් දැනුම් දීම් කළ වහාම අදාළ වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවීම සඳහා කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202602 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.