Author: LFN

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවෙයි. අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන්…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. ඒ අනුව බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ…

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බවත්, එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දෙයියන්දර ප්‍රදේශයේ පැවැත්වූ ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න” යැයි පැවසීය.

Read More

ගම්පොළ, කුරුදුවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුරක් වගා නොකරන ලද කුඹුරක වැටී තිබීයදී සොයාගෙන තිබේ. 47 හැවිරිදි සිව් දරු පියෙකු වන එම පුද්ගලයා, රැය පුරා නිවසින් අතුරුදන්ව සිට ඇත. මරණය පිළිබඳ විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ කුරුඳුවත්ත, පැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්ය. වල් ඌරන් දඩයම් කිරීම සඳහා එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදුලි කම්බි යොදා මෙම උගුල අටවා ඇති අතර, ඒ සඳහා ඔහු අසල නිවසකින් විදුලිය ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා සිය නිවසට බීමට ගන්නා ජලය මෙම…

Read More

පානදුර, අලුත් පාලම සිට මොරටුව දෙසට කිලෝමීටර හයක පමණ ප්‍රදේශය රාත්‍රි කාලයේ දැඩි අඳුරේ පැවතීමෙන් ජනතාව විශාල අවදානමකට මුහුණදෙමින් සිටියි. ගැටලුව මතුව ඇත්තේ 2021 වසරේ විදුලි අර්බුදය මැද ගලවා දැමූ එම මාර්ගයේ විදුලි පහන් යළි පිළිසකර නොකිරීම හේතුවෙනි. මේ තත්ත්වය පවතින්නේ පානදුර අලුත් පාලම ප්‍රදේශයේ සිට මොරටුව නව නගරය දක්වා දිවෙන නව ගාලු පාරේය. අතිශය ජනාකීර්ණ මෙම මාර්ගයේ රාත්‍රී කාලයේදීත් විශාල රථවාහන සංඛ්‍යාවක් ගමන් කරයි. තත්ත්වය එසේ වද්දී 2021 වසරේ සිට මෙතෙක් වසර 4කට අධික කාලයක් මෙම මාර්ගයේ කිලෝමීටර 6ක පමණ මෙම කොටස පවතින්නේ දැඩි අන්ධකාරයකය. මාර්ගය දෙපස පදික වෙළෙඳුන්ට මෙන්ම මාර්ගයේ ගමන් කරන ජනතාවට මේ හේතුවෙන් විශාල අවදානමකට මුහුණදීමට…

Read More

කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවෙකු මියගොස් තිබේ. පසුගිය (29) රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස මියගොස් ඇත. මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන් දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතරසහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 30ක් වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබයි. නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරණ බව කොළඹ මහා පල්ලිය ඊයේ (30) රාත්‍රියේ නිවේදනය කළේය. මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හෙට (01) දිනයේ නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද (30) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතව ඇති බවට වාර්තාවේ. පසුගියදා පැවැති විරෝධතාවයක් අතරතුරදී සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් හා එහිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් රජරට විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති බවට වාර්තාවේ.

Read More