Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‍අද සිට ඇරඹෙන බදු සංශෝධන
    Featured

    ‍අද සිට ඇරඹෙන බදු සංශෝධන

    By LFNApril 1, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය.

    ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු වේ.

    කෙසේවෙතත් අදාළ චක්‍රලේඛය මඟින් පොලී ආදායම සියයට 10ක අනුපාතයකින් අත්තිකාරම් අදායම් බද්දට යටත් වන නමුත් තක්සේරු වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවන පුද්ගලයින් සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    ඒ අනුව අදාළ තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම පිළිබඳව ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මේ අතර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    මෙතෙක් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.

    ඒ අනුව අඩු අදායම්ලාභී බොහෝ පිරිසකට බදු සහන හිමිවන බව රජය පෙන්වා දෙයි.

    මේ අතර දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම් සඳහා වන සියයට 15ක බදු අයකර ගැනීම ද අද දිනයේ සිට ක්‍රියාත්මකයි.

    ඊට අමතරව යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව ද අද දිනයේ සිට ඉහළ දමා තිබේ.

    රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකළ අතර අද දිනයේ සිට එම ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.