Author: LFN

කම්කරු අමාත්‍යංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායීව ජනාතවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පවත්වා තිබේ. ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා කඩිනමින් සහ ඵලදායී කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඒ සඳහා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ. ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් මෙහිදී අවධනය…

Read More

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතී. මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවති. වෙළෙඳපලේ රු. 9,000/- වැනි මිලක් ව පවතින…

Read More

අද (29) ප.ව. 2න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read More

අධි බලැති විදුලි ධාරිතාවයකින් යුතු (33000) ට්‍රාන්ස්ෆෝමරයක සිට භූමියට සම්බන්ධ තඹ කම්බියක් කපමින් සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29) අලුයම් කාලයේ හාලිඇල පොලිස් වසමේ බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති ට්‍රාන්ස්ෆෝමරයකට තඹ කම්බිය කපමින් සිටියදී මෙලෙස හාලිඇල පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ස්ෆෝමර 06ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13ක් කවර දෙකක දමා තිබියදී පොලීසිය සිය භාරයට ගෙන ඇත. අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පලාගොස්…

Read More

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවය. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘතශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මාධ්‍ය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවය. එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ. මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200ක් පමණ රැඳී සිටින අතර තායිලන්තයේ බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල…

Read More

රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක් සම්බන්ධයෙන් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කිරීමෙන් පුද්ගලික හේතු ද මත තමා ඉවත් වන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (27දා) දැනුම් දුන්නේය. එම නඩුව ඊයේ උදෑසන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී ප්‍රථමයෙන් කැඳවිණි. පෙර නඩු දිනයේ එම නඩුව තමා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව සහන් බාලසූරිය හා පෝද්දල ජයන්ත යන දෙදෙනා ඔවුන්ගේ මුහුණුපොත ඔස්සේ තමාගේ නම හා ඡායාරූප භාවිතා කරමින් සාවද්‍ය ප්‍රචාර කර ඇති බව නිරීක්‍ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ…

Read More

ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ප්‍රවාහනය කරමින් තිබූ මද ඉවත් කළ එනසාල් උර 13ක් සහ වියළි කහ උර අටක් සහිත ලොරි රථයක් සැකකරුවන් දෙදෙනකු ද සමඟින් කල්පිටිය අල්අක්ෂා හන්දියේ දී පෙරේදා (25) දින පෙරවරුවේ කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම උරවල මද ඉවත් කළ එන්සල් කිලෝ ග්‍රෑම් 255ක් තිබී ඇති අතර කහ උර අට තුළ වියළි කහ කිලෝ ග්‍රෑම් 145ක් තිබී ඇත. මේවායේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්නය. සැකකරුවෝ වත්තල මාබෝල පදිංචි වයස අවුරුදු 47, 49 වියේ පසු වෙන්නන් වෙති. නඩු භාණ්ඩ සහ සැකකරුවන් කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය. කල්පිටිය පොලීසිය වැඩිදුර…

Read More

ළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන කිහිපයකට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ඇතැම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඊයේ (26දා) නඩු පවරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. සජබ තරුණ නාමයෝජනා ලැයිස්තුවලට මුල් උප්පැන්න සහතිකය දුන් බව කියමින් නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් අධිකරණයෙන් මෙම ගැටලුවට සාධාරණය ඉටුවෙතැයි බලාපොරොත්තු වන බවත් මහ ලේකම්වරයා පැවැසීය. නාමයෝජනා පත්‍ර සැකසීමේ දුර්වලතා නිසා එම පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂකයන්ට ඉවත්වීමට සිදුවීම ඉතා බරපතළ ගැටලුවක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙස්) සඳහන් කරයි. ඡන්ද විමසීමකදී නාමයෝජනා තාක්ෂණිකව කරුණු මත ප්‍රතික්ෂේප වීම ඉතා කනගාටුදායක බවත් මෙවර නාමයෝජනා ප්‍රතික්ෂේප…

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී තිබේ. කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ. අද (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි. ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත. මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව මේ වනවිට අවහිර වී ඇති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවේ. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩාවැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත්කරමින් සිටියි. ඒ අනුව හෙට…

Read More