Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයෙන් මහාධීකරණ විනිසුරු දෙපළක් ඉවත් වෙති
    Local News

    නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයෙන් මහාධීකරණ විනිසුරු දෙපළක් ඉවත් වෙති

    By LFNMarch 28, 2025No Comments2 Mins Read13 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක් සම්බන්ධයෙන් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කිරීමෙන් පුද්ගලික හේතු ද මත තමා ඉවත් වන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (27දා) දැනුම් දුන්නේය.

    එම නඩුව ඊයේ උදෑසන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී ප්‍රථමයෙන් කැඳවිණි. පෙර නඩු දිනයේ එම නඩුව තමා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව සහන් බාලසූරිය හා පෝද්දල ජයන්ත යන දෙදෙනා ඔවුන්ගේ මුහුණුපොත ඔස්සේ තමාගේ නම හා ඡායාරූප භාවිතා කරමින් සාවද්‍ය ප්‍රචාර කර ඇති බව නිරීක්‍ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව කළ පැමිණිල්ලක් අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තමා නියෝග කර ඇති බැවින් තවදුරටත් තම අධිකරණය හමුවේ එම නඩුව කැඳවීම නුසුදුසු බව නිගමනය කළේ යැයි විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙන්වා දුන්නේය. එම නඩුව තවදුරටත් විභාග කිරීමේ නීතිමය බලය හා හැකියාව තම අධිකරණයට ඇතත් සමාජයේ යම් පිරිසක් තුළ තම අධිකරණය සම්බන්ධයෙන් යම් දුර්මතයක් ඇති බවද පෙන්වා දුන් විනිසුරුවරයා එම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියෝග කළේය.

    කුමන ආකාරයෙන් විනිසුරුතුමන් පිළිබඳව දුර්මත ප්‍රචාරය වුවත් තමන් ඇතුළු සමස්ථ නීතිඥ මණ්ඩලයම අධිකරණය හා ගරු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය හා ගෞරව ඇති බව නාමල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේය.

    මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ නියෝගය මත අංක එක මහාධිකරණය වෙත යොමු කළ එම නඩුව අංක හය මහාධිකරණය වෙත යොමු කිරීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය. ඒ අනුව අංක 6 මහාධිකරණය වෙත යොමු කළ නඩුවේ නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි 21 වැනිදා පැවැත්වීමට දින නියම කළ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා තමා පෞද්ගලික හේතූන් මත එම නඩුව විභාග නොකිරීමට තීරණය කර ඇති බැවින් ලබන මැයි 21 වැනිදා එම නඩුව එදින කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට පියවර ගන්නැයි නියෝග කළේය. වෙනත් මහාධිකරණයක් හමුවේ පෙනී සිටීමට සිතාසි නොලැබුණහොත් ප්‍රධාන මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විත්තිකරු නාමල් රාජපක්‍ෂ මහතාට වැඩිදුරටත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.