Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව විශේෂ අවධානයක්
    Hot News

    මියන්මාරයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව විශේෂ අවධානයක්

    By LFNMarch 29, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    මාධ්‍ය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවය.

    එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

    මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200ක් පමණ රැඳී සිටින අතර තායිලන්තයේ බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති විය.

    එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මෙම භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 6.4ක තවත් භූ කම්පනයක් සිදුව ඇති අතර පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයක හානි සිදුව ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මෙම මහල් ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් වාර්තා තහවුරු කර ඇති අතර මෙහි පුද්ගලයින් 70කට අධික පිරිසක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

    මීට අමතරව තවත් පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

    භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

    එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද සඳහන් වේ.

    මේ අතර අසල්වැසි මියන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් පසු රට පුරා පාසල් වසා දැමීමට තායිලන්ත බලධාරීන් නියෝග කර තිබේ.

    බැංකොක් නුවර ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර එරට නියෝජ්‍ය අගමැති පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් වසර 100කින් හෝ සිදු වී නොමැති බවය.

    භූ කම්පනයෙන් පසු තායිලන්තයේ මහල් ගොඩනැගිලි ඉතා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන බව නියෝජ්‍ය අගමැතිවරයා පවසා තිබේ.

    එරට මහජන සෞඛ්‍ය අමාත්‍යංශ සහ අධ්‍යාපන අමාතංශය සහන කටයුතු සම්බන්ධීකරණය කරන අතර ආරක්ෂක අමාත්‍යංශය විසින් අණ දෙන මධ්‍යස්ථානයක්ද පිහිටා ඇති බව සඳහන් වේ.

    මේ අතර භූ කම්පනය හේතුවෙන් මැන්ඩලේ රාජකීය මාලිගයේ කොටස්වලටද හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    උතුරු මැන්ඩලේ හී පිහිටි මෙම මාලිගාව 1857 හා 1859 අතර කාලය තුළ මින්ඩෝන් රජු විසින් පිහිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    2021ට පෙර මෙම ස්ථානය ජනප්‍රිය සංචාරක ආකර්ශනය සහිත ස්ථානවලින් එකක්ද විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.