Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොල් වගාකරුවන්ට සහන මිලට පොහොර ලබා දීම මාර්තු 30 සිට
    Featured

    පොල් වගාකරුවන්ට සහන මිලට පොහොර ලබා දීම මාර්තු 30 සිට

    By LFNMarch 29, 2025No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

    රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතී.

    මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවති.

    වෙළෙඳපලේ රු. 9,000/- වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් රු. 4,000/- ක සහන මිලකට ලබාදීමේ කටයුතු ඒ අනුව සිදුකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    ඒ අනුව මේ මස 30 වන දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි.

    මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා පැවසුවේ මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවය.

    රු. මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කරගනිමින් එම අරමුණ සාක්ෂාත් කරගැනිමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාළ බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා ඉල්ලුම් පත්‍ පොල් වගා කිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන https://coconutsrilanka.lk/ වෙත පිවිසීමෙන් ලබා ගතහැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.