Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කම්කරු අමාත්‍යංශය ඩිජිටල් කිරීමට අවධානය
    Featured

    කම්කරු අමාත්‍යංශය ඩිජිටල් කිරීමට අවධානය

    By LFNMarch 29, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කම්කරු අමාත්‍යංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායීව ජනාතවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පවත්වා තිබේ.

    ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා කඩිනමින් සහ ඵලදායී කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඒ සඳහා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

    ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් මෙහිදී අවධනය යොමු කෙරුණි.

    එහිදී කම්කරු දෙපාර්තමේන්තුව, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල ආදී ආයතනවලින් කම්කරු ජනතාවට සේවා සැපයීමේදී ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී මතු කෙරිණි.

    මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා කම්කරු ජනතාවට සිය ප්‍රතිලාභ ලබා ගැනීමේදී සහ සෙසු සේවා ලබා ගැනීමේදී කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමත්, වඩා තෘප්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

    මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, ඩිජිටල් අමාත්‍යංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.