Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශබන්දු ගැන මාලිමාවේ මන්ත්‍රී යෝජනාවට හිටපු අධිකරණ ඇමතිගෙන් නීති උපදෙසක්
    Featured

    දේශබන්දු ගැන මාලිමාවේ මන්ත්‍රී යෝජනාවට හිටපු අධිකරණ ඇමතිගෙන් නීති උපදෙසක්

    By LFNMarch 30, 2025No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව සම්බන්ධව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

    එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබී ඇති බවත් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාව කථානායකවරයා භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක් කිරීමක් ද වන බවය.

    “දැන් ප්‍රශ්නය තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කළා. ඒ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත් බවට කරුණු ඉදිරිපත් කළා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔහුගේ පත්වීම වලංගු නෑ කියලා. ඒ තත්ත්වය උඩ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා නෙමෙයි. අධිකරණ නියෝගය තවමත් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය එලෙසම පැවතෙද්දි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අත්සන් කරලා යෝජනාවක් භාර දෙනවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධුරයෙන් ඉවත් කරන්න කියලා.

    2002 අංක 5 දරණ පනත යටතේ එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ එවකට ධුරය දරනු ලබන පොලිස්පතිවරයාට එරෙහිව පමණයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු පොලිස්පතිවරයා නොවන බවට තීරණයක් තිබියදීත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු යෝජනාවක් කථානායකවරයා භාර අරගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 2002 අංක 5 දරණ උසස් නිලධාරීන් ඉවත් කිරීමේ පනත යටතේ විධිවිධානවලටත් පටහැනියි.

    යම් හෙයකින් ඔහුට විරුද්ධව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධව පරීක්ෂණයක් කරන්න ඕන වුණොත් ඒ සඳහා කමිටුවක් පත් කරන්න ඕනේ ඒ සඳහා කමිටුවේ සභාපතිවරයා වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම නිඟමනයක් දීලා තියෙනවා පොලිස්පති නෙමයි කියලා. අනිත් පැත්තෙන් පරීක්ෂණයක් පවත්වනවා පොලිපති ධුරයෙන් ඉවත් කළ යුතුද කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය සෑහෙන දුරට හෑල්ලුවට ලක් කිරීමක්. මොකද නීතියේ බලයක් නැති ක්‍රියාවක් තමයි ඔවුන් මේ සිදුකරන්න යන්නේ….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.