Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට
    Featured

    භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

    By LFNMarch 29, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තා වේ.

    විදෙස් වාර්තා සඳහන් කර සිටියේ පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

    කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.

    මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු විය.

    කෙසේ නමුත් එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය.

    මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තය බැංකොක් නුවරට ද දැනී තිබුණි.

    ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.

    ඒ අතර බැංකොක් නුවර සම්පූර්ණයෙන්ම කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලක් ද විය.

    භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

    එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණි.

    භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.