Author: LFN

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත. පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ. ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය. ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය. සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා…

Read More

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබේ. වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය. ඊයේ (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේය. වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත. අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය 15 වනදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමැති හස්තියාට වෙඩිතබන්නට ඇති බවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකර බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි. ඔහු පවසා සිටියේ, ශරීරයේ ටැටූ ගසා ඇති පුද්ගලයෙකු පශ්චාත් උපාධිය අවසන් කර ත්‍රිවිධ හමුදාවක රැකියාව කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුට එම අවස්ථාව නොලැබී යන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, “ශරීරයේ ලොකුම අවයවය හම ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇගේ පච්චයක් කොටලා තිබුණොත් ලංකාවේ පොලීසියේ රස්සාවකට ගන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇඟේ ටැටූ එකක් තිබුණොත් කිසිම ත්‍රිවිධ හමුදාවකට ගන්නේ නැහැ ඇයි? ශරීරයේ ලොකුම අවයවය හම. ඒ හම විනාශ කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි.…

Read More

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සොයාගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබී එම දුම්වැටි තොගය සොයාගෙන තිබුණේ රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් විසින්ය. එහිදී දුම්වැටි 713,000ක පමණ තොගයක් සොයාගෙන ඇත. රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්වැටි එක්සත් අරාබි එමීර් රාජයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කරන ලද භාණ්ඩ ඇසුරුම් තුළ සඟවා තිබියදී දුම්වැටි සොයාගත් බවය. අදාළ දුම්වැටි වල වටිනාකම රුපියල් 124,019,554ක් වන අතර එමගින් රජයට රුපියල් 107,985,621ක් අහිමි කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (19) උදෑසන 8 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 16ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව ආදි ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවය. එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා කර තිබේ. ගාස්තු ගැටලුවක් හේතුවෙන් මන්නාරම, පුනරින් හි පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගියදා ලිඛිතව දැනුම් දීමක් කර තිබුණි. එහෙත් අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවතා දැමීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම…

Read More

රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර තිබේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් මෙම…

Read More

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ, සින්නයියා විජේකුමාර් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් සහ පෙරුමාල් ගෞරි නැමති 37 හැවිරිදි අඹුසැමි යුවළකි. පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා ඇත. මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලීසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, එම වස පානය කර ඔවුන් සියදිවි හානි…

Read More