Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු සොයාගනී
    Featured

    මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු සොයාගනී

    By LFNMarch 17, 2025No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, සින්නයියා විජේකුමාර් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් සහ පෙරුමාල් ගෞරි නැමති 37 හැවිරිදි අඹුසැමි යුවළකි.

    පසුගිය 14 වනදා සිට තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේ දී ඔවුන් ඇද මත මියගොස් සිටි බවත් විජේකුමාර්ගේ සොහොයුරා පොලීසියට පවසා ඇත.

    මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලීසියේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් නිවස තුළ දී වස බොතල් තුනක් සොයාගෙන ඇති අතර, එම වස පානය කර ඔවුන් සියදිවි හානි කර බවට පොලීසිය සැක කරයි.

    මියගිය කාන්තාව මීට ප්‍රථම විවාහ වී සිට ඇති කාන්තාවක් බවත්, මරණකාරිණියට අවුරුදු 14ක දියණියක් සිටින අතර, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බව පොලීසිය පැවසීය.

    වස පානය කර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

    මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.