Author: LFN

නැගෙනහිර සහඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දහවල් කාලයේදී ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවළක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා පලා ගොස් ඇත. පසුව ඒ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන් වේ. පොලීසිය පැවසුවේ ඊයේ සවස කින්නියා පාලම අසලදී ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…

Read More

අද (17) අළුයම් දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන තිබේ. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. පොලීසිය පැවසුවේ මෙම බහුදින බෝට්ටුවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවය. ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම්…

Read More

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව සඳහන්ය. විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් විභාග ශාලාවට රැගෙන යා යුතු දේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළේය. “ප්‍රවේශපත්‍රය හා හැඳුනුම්පත මේ වනවිට සූදානම් කරගෙන විභාගයට රැගෙන යන්න. විභාගයට පෙනී සිටින සෑම පත්‍රයකම අනන්‍යතා පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා. ප්‍රවේශපත්‍රය පළමු දිනයේ දී ශාලාවෙන් භාරගන්නවා. ඒක නැවත ඔබ අතට පත්වෙන්නේ නෑ.…

Read More

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම සේවය දැනුම්දෙයි.

Read More

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව එම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය ඉහතින්. “ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේ රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය, වෙළඳ…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කරුණු 11කින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් එම කොමිසම සඳහන් කර ඇත්තේ යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවත්ය. තවද අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Read More

ඉදිරයේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු ඒ බව පැහැදිලි කළේය. මන්ත්‍රීවරයා එලෙස පැහැදිලි කරමින් සඳහන් කළේ, ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවය. මීට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය. මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය. මේ සම්බන්ධව…

Read More