Author: LFN

පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ. ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට පත්විය. අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. ඊයේ (14) රාත්‍රී 10ට පමණ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්…

Read More

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (15) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ ය. මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මනින් විවෘත කරන බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

Read More

අම්බලන්ගොඩදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරයි. අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී ඊයේ රාත්‍රී 6:45ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. වෙඩිවැදීමෙන් එම ස්ථානයේ සිටි ක්‍රිෂාන්ත මෙන්ඩිස් හෙවත් පොඩි සුද්දා නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි. 45 හැවිරිදි පොඩි සුද්දා නමැත්තා සිව්දරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ කුලීවැඩ කරමින් ජීවත්ව ඇති බව පොලීසිය පැවසීය. එමෙන්ම ඔහුට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවත් ඉතා සාමකාමී අයුරින් ප්‍රදේශයේ ජීවත් වූවකු බවත් පොලීසිය සඳහන් කරයි. කෙසේවෙතත් ඔහු ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට…

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසීය. සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

Read More

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය. එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව සඳහන් ය. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අද (15) අලුයම මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය. එහිදී සිදුකළ තියුණු ආයුධ පහරදීම් හේතුවෙන් තුවාල ලබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මියගොස් ඇත. මියගොස් ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙක් බව සඳහන් වේ. ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඊයේ (14) සවස 6.30ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි. කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර ⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ. බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර…

Read More

රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) පස්වරුවේ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරුට විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් පළමුවෙන් රුපියල් 2,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව ඉන් රු.500 ක් අඩුකර රුපියල් 1,500 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමට කටයුතුකර…

Read More

ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වෙයි. මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකිරීමට නියමිතය. ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින් මෙම සංගණනය…

Read More