Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්බලන්ගොඩ ඝාතනය ගැන තොරතුරු රැසක්
    Featured

    අම්බලන්ගොඩ ඝාතනය ගැන තොරතුරු රැසක්

    By LFNMarch 15, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරයි.

    අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී ඊයේ රාත්‍රී 6:45ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    වෙඩිවැදීමෙන් එම ස්ථානයේ සිටි ක්‍රිෂාන්ත මෙන්ඩිස් හෙවත් පොඩි සුද්දා නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

    45 හැවිරිදි පොඩි සුද්දා නමැත්තා සිව්දරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ කුලීවැඩ කරමින් ජීවත්ව ඇති බව පොලීසිය පැවසීය.

    එමෙන්ම ඔහුට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවත් ඉතා සාමකාමී අයුරින් ප්‍රදේශයේ ජීවත් වූවකු බවත් පොලීසිය සඳහන් කරයි.

    කෙසේවෙතත් ඔහු ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලීසිය පැවසීය.

    ඝාතනයට ලක්වූ පුද්ගලයාට සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පසුගිය ජනවාරි මාසයේ පහරදීමක් ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

    2016 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ද අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී පොලීසියට ඔත්තුදීමේ සැකය මත එකම පවුලේ පියා, මව සහ සිව් හැවිරිදි දරුවෙකු සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.