Author: LFN
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු වේ නම්, ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙනු ඇත. අදාල ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී ඇත. මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී…
ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබේ. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී ය. තලගහවත්ත ප්‍රදේශයේ සීතලදොල ආරණ්‍ය සේනාසනය පාරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී මෙම සැකසහිත යතුරුපැදි දෙක හමුවී තිබේ. ඒ අනුව සැකකරුවන් සොයා අදාළ ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට යක්කලමුල්ල පොලීසිය පියවර ගෙන තිබේ. බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතාව ඊයේ (13) පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණි. අක්මීමන, තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී නාඳුනන වෙඩික්කරුවකු විසින් ඝාතනය සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය. විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාගේ අක්මීමන, තලගහපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද පස්වරු 4.30ට පමණ මෙම…
අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 35ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ 35 හැවිරිදි පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. එම කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය. මේ අතර පසුගිය මස 19වනදා එරගම පොලිස් වසමේ අරෆා නගර් ප්‍රදේශයේ…
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බවය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බව පවසෙයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදුකරයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ. ඒ හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති අතර එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය උපදෙස් දෙයි. අදාළ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී පහත විකල්ප මාර්ග භාවිත කළ හැකිය. විකල්ප මාර්ග – • ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. නිවේදනයේ සඳහන් වන්නේ, සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කර තිබේ ද යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකරන බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කරඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය දැනුම් දී තිබේ. ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි. අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ සභාපති සි. වි. කේ ශිවඥානම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය. එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත අතර එහිදී ඔහු හමු වීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව සභාපතිවරයා එහිදී පැවසීය. ඒ අනුව, ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බව සඳහන් කළ සභාපතිවරයා එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කරන බව කියා සිටියේය. විශේෂයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින 13 වන ආණ්ඩුක්‍රම…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පවසා ඇත්තේ, “මම සේවය නිමවී රුවන්වැලිසෑයට ගොස් වැඳපුදා ගෙන නේවාසිකාගරායට පැමිණි අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මා ලවාම නේවාසිකාගාරයේ දොර විවෘත කර ගත්තේ… බෙල්ලට පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින්. මා ලවාම මගේ ජංගම දුරකථනයේ මුරපදය ඉවත්කර ගත් එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් හිංදි සිංදු වාදනය කළා. ‘සද්ද දාන්න එපා සද්ද දැම්මොත් බෙල්ල කපනවා’ කිව්වා.” “එක් අවස්ථාවක එම පුද්ගලයා අත තිබූ පිහියෙන් මම ඔහුට අනින්න උත්සාහ කළා. මගේ අතක් කැපුනා. මම පිහියෙන් අනින්න උත්සාහ කළ අවස්ථාවේ…
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් තිබේ.