Author: LFN
උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත. එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්නට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. ඒ අනුව සිසුන්ට පහරදුන් එම ගුරුවරයාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (11) ප.ව. 2ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කෙසේ නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යෙදවූ බව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කළ බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත. සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරන අතර, එතෙක් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය…
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට ජනතාව නොමඟ යවන බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් ඒ භාවිත කරමින් මෙම වංචාසහගත ප්‍රචාරණ සිදුකරමින් සිටින බවද එහි දැක්වේ. විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇත. ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන වංචනික දැන්වීම්…
යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පැවසීය. රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට ගත් පුද්ගලයෙකු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රහේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හැකි තාවකාලික තද සුළවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන් වන බවය. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර…
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය. කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි මියගිය කාන්තාවගේ පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය කාන්තාවගේ මෘත ශරීරය මොනරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතින බවය. මෙම වාන් දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන…
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමිනි. ඒ අනුව අද උදෑසන 08 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අදාළ වැඩ වර්ජනය අද දෑසන 8.00 සිට හෙට (13) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත. එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය. එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික…
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාල සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා සැකකරු සිටින ඉසව්ව මේ වන විට හඳුනාගෙන තිබෙන බව කීය.