Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජයට බිය නොවී යුක්තිය ඉල්ලන වෛද්‍යවරිය
    Featured

    සමාජයට බිය නොවී යුක්තිය ඉල්ලන වෛද්‍යවරිය

    By LFNMarch 13, 2025No Comments3 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ.

    ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පවසා ඇත්තේ,

    “මම සේවය නිමවී රුවන්වැලිසෑයට ගොස් වැඳපුදා ගෙන නේවාසිකාගරායට පැමිණි අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මා ලවාම නේවාසිකාගාරයේ දොර විවෘත කර ගත්තේ… බෙල්ලට පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින්. මා ලවාම මගේ ජංගම දුරකථනයේ මුරපදය ඉවත්කර ගත් එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් හිංදි සිංදු වාදනය කළා. ‘සද්ද දාන්න එපා සද්ද දැම්මොත් බෙල්ල කපනවා’ කිව්වා.”

    “එක් අවස්ථාවක එම පුද්ගලයා අත තිබූ පිහියෙන් මම ඔහුට අනින්න උත්සාහ කළා. මගේ අතක් කැපුනා. මම පිහියෙන් අනින්න උත්සාහ කළ අවස්ථාවේ එම පුද්ගලයා දැඩිව කෝපයට පත් වුණා. එවිට මා මරා දමාවියැයි බියක් දැනුනා.”

    “සිද්ධියෙන් පසු සැකකරු පිටව යද්දි.. ‘මම ෆෝන් එක ගෙනියනවා.. ආයේ.. හම්බ වෙන්නේ නැහැ. මම සේරම ෆොටෝ ගත්තා.. කාටවත් කියන්න එපා. කිව්වොත් ඔයාටමයි කරදර වෙන්නේ…මට සමාවෙන්න’ කිව්වා.”

    පසුගිය 10 වනදා සවස 3:30 දක්වා තමා රාජකාරි කළ බවත් රාජකාරි නිමවා නේවාසිකාගාරයට පැමිණ පසුව ත‍්‍රිරෝද රථයකින් රුවන්වැලිසෑයට ගොස් රුවන්වැලිසෑය වැඳපුදා ගෙන නැවත ත‍්‍රිරෝද රථයකින් සවස 6:30ට පමණ නේවාසිකාගාරයට පැමිණි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

    එසේ පැමිණ තම කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ තමා පිටුපසින් කිසිවෙකු සිටින බව දැනී පිටුපස හැරී බලනවාත් සමඟම තම කාමරයට ඉදිරිපස කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයෙකු බෙල්ලට පිහියක් තබා අනෙක් අතින් කට වසා කෑගහන්න එපා දොර අරන්න කියා පැවසීමෙන් පසුව බිය වූ තමා කාමරයේ දොර විවෘත කළ පසුව තමා කාමරයට තල්ලූ කළ බවද ඇය සඳහන් කරයි.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය සිය පැමිණිල්ල මගින් පොලිසියට ඒ බව පවසා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප‍්‍රධන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.

    සිද්ධියට සම්බන්ධ සැකකරු අඩි 5යි අඟල් 8ක් පමණ උස පුද්ගලයෙකු බවත් ඔහු කමිසයක් ඇඳ නොසිටි තලෙළු කෙට්ටු පුද්ගලයෙකු බවත් කොණ්ඩය කොටට කපා සිටි අයෙකු බවත් අපිළිවෙලට සහ අපිරිසිදුව සිටි පුද්ගලයෙකු බවත් වයස අවුරුදු 30ත් 35ත් අතර පුද්ගලයෙකු බවත් වෛද්‍යවරිය පවසා තිබේ.

    වෛද්‍යවරිය පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවෙන් තවදුරටත් දැනුම්දී තිබුණේ,

    දූෂණයට පෙර සැකකරු කාමරයේ දොර වසා විදුලි පහන් දල්වා අවට පරික්ෂා කර බලා පසුව නාන කාමරයේ පමණක් විදුලි පහන් දල්වා තිබේ.

    “මම ආමි එකෙන් පැනලා ඉන්නේ. පෙලිසියෙන් හොයනවා. මම ටිකක් වෙලා ඉඳලා යනවා. ඔයාට මුකුත් කරන්නේ නැහැ. සද්ද දාන්න එපා. සද්ද දැම්මොත් බෙල්ල කපනවා. මට ඒක ලොකු ප‍්‍රශ්නයක් නොවයි.” යනුවෙන් ද එම පුද්ගලයා ප‍්‍රකාශ කළ බවද වෛද්‍යවරිය ස්වකීය ප‍්‍රකාශයේදී පැවසූ බවද පොලීසිය අධිකරණයට දැනුම්දුනි.

    පසුව සැකකරු තමාව දූෂණය කර බැඳ දමා ඉන් පිටව ගිය බවත් තමා විසින්ම බැමි ලිහාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් තමා සේවය කරන වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට මෙම සිද්ධිය දැනුම්දුන් බවත් පවසා තිබේ.

    එහිදී එම වෛද්‍යවරයාගේ දුරකථනයෙන් සිය පියාට සහ සමන්තුරේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු වන තම ළඟම මිතුරාට දැනුම්දී ඇත.

    මෙම අපරාධය සිදුකළ පුද්ගලයාව නැවත දුටුවහොත් හඳුනාගැනීමට හැකි බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබේ.

    පොලිසිය අධිකරණයට දැක්වූ මෙම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා, පොලිසියට නියෝග කළේ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    සැකකාර හිටපු යුද හමුදා සෙබළා පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙහිදී අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.

    මෙසේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනුයේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන ගල්නෑව නව නගරය ප්‍රදේශයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.

    සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, තමාට පොලිසියෙන් අමානුෂික ලෙස පහරදුන් බව ඔහු මහේස්ත්‍රාත්වරයා දැන්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.