Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් මිල ගැන නිවේදනයක්
    Featured

    සහල් මිල ගැන නිවේදනයක්

    By LFNMarch 13, 2025No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

    නිවේදනයේ සඳහන් වන්නේ, සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කර තිබේ ද යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකරන බවයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා නිකුත් කරඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය දැනුම් දී තිබේ.

    ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව සඳහන් වේ.

    එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

    ඒ අනුව, මෙම වසරේ මාර්තු 12 වන දින දක්වා වෙළෙඳසැල් 5,500 කට වැඩි සංඛ්‍යාවක් විමර්ශන සිදුකර ඇති අතර එහිදී වැරදි කරන ලද වෙළෙඳුන් 4,070 ක් සඳහා නීතිමය පියවර ගෙන තිබේ.

    එමෙන්ම එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1,555 කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    සහල් වැඩි මිලට අලෙවිකළ වෙළෙඳුන් 462 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 1,004 ක් මෙන්ම සහල් සඟවා තබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළෙඳුන් 89 ක් ද ඒ අතර වේ.

    මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙළෙඳුන් 4,122 ක් සඳහා නඩු පැවරීම් සිදුකර ඇති අතර ඒ සඳහා අධිකරණ මගින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61 කි.

    ඊයේ (12) දිනයේදී ද දිවයින පුරා වෙළෙඳසැල් 139 ක සිදුකරන ලද විමර්ශන වලදී සහල් වැඩිමිලට අලෙවිකළ වත්තල, මතුගම, පාදුක්ක, පිටකොටුව සහ මාවනැල්ල ප්‍රදේශවල වෙළෙඳුන් 10 ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 24 ක්, සහල් සඟවා තබන ලද වෙ‍ෙළඳුන් ඇතුළු ව්‍යාපාරිකයන් 101 කට පමණ නීතිමය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

    කිරි සම්බා සහ සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.