Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්
    Featured

    හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්

    By LFNMarch 19, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නැමැත්තාට පලායාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඉන්දියාවට පලාගොස් පසුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනාත්මක වන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඊයේ (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලයේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක කටයුතුවලට නිරත වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව එම නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

    ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

    ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද එම හිටපු කොස්තාපල්වරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

    මෙම කොස්තාපල්වරයාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙන අතර ඔහුට එරෙහි නඩු විභාගයේ අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමටද කොළඹ මහාධිකරණය පසුගිය (17) නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.