Author: LFN

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) සවස් කාලයේදී එම සැකකරු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය. ඒ අනුව මෙම අපරාධයට අදාලව මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මූතූර් පොලීසිය කටයුතු කර තිබේ. සැකකරු ඊයේ (08) දින අලුයම් කාලයේදී මූතූර් පොලිස් වසමේ මනච්චේන ප්‍රදේශයේදී පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ආනන්දපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මොරවැව පොලිස් වසමේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට අනාවරණය වී ඇත. සැකකරු මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පැවසුවේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවය. එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා මෙහිදී සඳහන් කළේය. “මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත්…

Read More

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදි පැවැත්වෙයි. ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි. 1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර ඇත. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා…

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.

Read More

කූඨ ලේඛන සකස් කර සකසන ලද ජීප් රථයක් දැරණියගල ප්‍රදේශයේ සඟවා තිබියදී අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත පොලිස් භාරයට ගෙන තිබේ. ඒ සමග අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාළ සැකකරුවන් විසින් ජීප් රථයට අදාළ කොටස් ගෙන්වා එකලස් කර ව්‍යාජ චැසි අංක, ඇන්ජින් අංක සහ ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් මෙම ජීප් රථය එකලස් කර ඇති බවය. මෙම ජීපි රථය යම් අපරාධයක් සිදුකර ඇත්දැයි බැලීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

Read More

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි. මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණි. ඊට ප්‍රතිචාරදක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවය. එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ…

Read More

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ, ඊට වහාම පියවර ලෙසය. අදාළ පහරදීම විදුහලේ විදුල්පතිතුමිය ඉදිරියේ සිදුකර ඇති බවත්, පහරකෑ ගුරුවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඇය මෙහිදී පැවසුවාය. මෙම අවස්ථාවේදී නැගීසිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ, මෙම සිද්ධිය අද උදෑසන තමන්ට වාර්තා වූ බවයි. කෙසේ නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇය පැවසුවාය. එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දෙන බවත්, අද (8) දවස ඇතුළත එහි…

Read More

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේදී ඊයේ (7) සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය කාන්තාව සිය පුතා හා ඔහුගේ බිරිඳ සමග මෝටර් රථයේ ගමන්කරමින් සිටියදී එකවර රථය නතර වී ඇත. ඒ හේතුවෙන් පුතා, නතර වූ සිය රථයේ ඉදිරිපස රෝදයට ගලක් තබා රථය පණගැන්වීමට උත්සාහ දරා තිබේ. එම අතරවාරයේ මෝටර් රථය පණගැන්වීම සඳහා මියගිය කාන්තාව සිය ලේලිය සමග ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත්කර ඇත. කෙසේ නමුත් රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින්, රථය එකවර ඉදිරියට ගමන්කර ඇති අතර, එහිදී මියගිය කාන්තාව මෝටර් රථයේ ගැටී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මෝටර් රථය බෑවුම දෙසට…

Read More

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ. 2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක්වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එයවනු ඇත. කෙසේ නමුත් 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබේ. 2026 පාපන්දු ලෝක…

Read More