Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – ඇමති කියයි
    Featured

    අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – ඇමති කියයි

    By LFNMarch 8, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි.

    මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණි.

    ඊට ප්‍රතිචාරදක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවය.

    එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

    නමුත් සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බැවින් ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

    අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ, ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බවය.

    ඒ හේතුවෙන්, අදාළ සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවත් ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.