Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජකාරී වෙලාවේ සූර්වී සිටී ලංගම සේවකයින් දෙදෙනෙකුගේ වැඩතහනම්
    Featured

    රාජකාරී වෙලාවේ සූර්වී සිටී ලංගම සේවකයින් දෙදෙනෙකුගේ වැඩතහනම්

    By LFNMarch 9, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ රියදුරුවරයෙකු සහ කොන්දොස්තරවරයෙකු තාවකාලිකව වැඩතහනමට ලක් කර තිබේ.

    වැලිකන්ද සිට ගල්කන්ද අතර ධාවනය වන ලංගම බස් රථයක රියැදුරු සහ කොන්දොස්තර මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ රාජකාරී වේලාව තුළ බීමතින් සිට රාජකාරිය පැහැර හැරි බව කියන සිද්ධියකට අදාළවයි.

    ඊයේ පස්වරුවේ අදාළ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර පසුව වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබුණි.

    එම අවස්ථාව වන විටත් කොන්දොස්තරවරයා බීමතින් එම ස්ථානයේ නිදා සිට ඇති අතර රියදුරු පලාගොස් තිබූ බව සඳහන්ය.

    වැලිකන්ද බස් නැවතුම්පොළේ නතර කර තිබු එම බස් රථය ගල්කන්ද ප්‍රදේශයට ගමන් කිරීම සඳහා පවතින එකම බස්රථය වන අතර පාසල් සිසුන් ඇතුළු මගීන් පිරිසක් ඒ වන විටත් එම බස්රථය වෙත පැමිණ සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

    කෙසේවෙතත් රියදුරු හා කොන්දොස්තර නොමැතිවීම හේතුවෙන් බස්රථය ධාවනය නොවීමත් සමග දුෂ්කරතාවට පත්ව සිටි මගීන් සඳහා පොලිස් ජීප් රථයෙන් ගමන් පහසුකම් සැපයීමට වැලිකන්ද පොලීසිය පියවර ගෙන තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ඩිපෝ බලධාරින් විසින් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රියදුරු සහ කොන්දොස්තරවරයා තාවකාලික වැඩ තහනමට ලක් කර ඇති බව පොළොන්නරුව ඩිපෝවේ ප්‍රකාශකයෙකු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.