Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පියුමිගේ මෝසමකට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි
    Featured

    පියුමිගේ මෝසමකට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි

    By LFNMarch 7, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.

    පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවට චෝදනා කළේය.

    මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    මේ තුළින් සිය සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

    නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ අත්පත් කරගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පියුමි හංසමාලි මේ වන විට පොලිස් විමර්ශනයකට මුහුණ දෙමින් සිටින අතර මීට අදාළව ඇයගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගෙනද තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියුම් හංසමාලි විසින් මෑතකදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණි.

    එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පියුමි හංසමාලි මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවටත් පොලිසිය විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දීමක් සිදුකර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.