Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රයට හිමි තැන
    Featured

    ලංකාවේ ගුවන්ගමන් බලපත්‍රයට හිමි තැන

    By LFNMarch 6, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි.

    ස්ථාන 99ක් නම් කර ඇති මේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන ඇත්තේ ඉරානය සහ සුඩානය යන රටවල්ය.

    ඊට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැක්කේ රටවල් 42කට පමණි.

    ජපානය සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තෙවැනි ස්ථානය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවලට හිමිව තිබේ.

    ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු ආසියානු කලාපීය රටක් වන ඇෆ්ගනිස්තානයයි.

    2024 වසරේදී නිකුත් වූ මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ 96 වැනි ස්ථානයේ යි.

    ඒ අනුව ශ්‍රී ලංකාව මේ වසර තුළ ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.

    හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් ආයතනය, එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා ගුවන්ගමන් බලපත්‍රවල ප්‍රබලත්වය ශ්‍රේණිගත කරන ලොව ප්‍රධානතම ආයතනයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.