Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම 6 වනදා
    Featured

    සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය සැලසුම් කළ පරිදිම 6 වනදා

    By LFNMarch 5, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම හෙට (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

    අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තීන්ටද බලපාන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලා තිබුණි.

    අදාළ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එම සම්මේලනය තීරණය කළේ එළඹෙන 6 වනදා පැය 24ක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමටය.

    ඒ අනුව පරිපූරක වෛද්‍ය සේවා, වෛද්‍ය රසායනාගාර, අතුරු වෛද්‍ය සේවා, විකිරණ විද්‍යා, චිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා, දන්ත කාර්මික ශිල්පි සහ ඖෂධ සංයෝජක ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට අවතීර්ණවීමට නියමිතය.

    මේ අතර අයවැයෙන් දීමනා කප්පාදුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල ඊයේ දිවයින පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවල නිරත වුණි.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ද ඊයේ පෙරවරුවේ රාජගිරිය ගුවන් පාලම අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර තිබුණි.

    ඒ මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 35,000ක් පමණ සිටියද, අයවැයෙන් රැකියා අවස්ථා යෝජනා කර ඇත්තේ 30,000කට පමණක් වන බැවින් සියලු රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදෙන්නැයි බල කරමිනි.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවසීය.

    එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසුවේ ඊයේ (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.