Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යළි බඩඉරිඟු ආනයනයට රජයේ තීරණයක්?
    Featured

    යළි බඩඉරිඟු ආනයනයට රජයේ තීරණයක්?

    By LFNMarch 4, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    එම කාරක සභාව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

    එහිදී මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

    ඒ අනුව සත්ත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය ජනවාරි 31න් පසු බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව පැවසුවේය.

    කෙස් වෙතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාවය පවතින නමුත් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාවය සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී බඩඉරිඟු ආනයනය කරන්නේනම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.

    එමෙන්ම මේ වන විට මෙරට බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර විසිදහසක් දක්වා වැඩි කිරීමේ සැළසුමක්ද සකස් කර තිබෙන බවද කාරක සභාව පවසන ලදී.

    මේ අතර විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාකච්ඡා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.