Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්
    Hot News

    විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්

    By LFNMarch 4, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

    පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර, මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ එය සිදුකරනු ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.

    ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව,

    1. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ
    2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ
    3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් අමන්දා ගමගේ
    4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් දිනුෂා
    ඒකනායක
    5. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී ඇත.

    ඒ අනුව පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී සියලු වගඋත්තරකරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත් මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර ඇති අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත් කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇත.

    එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවටත් මෙම අණ කඩකළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු බවත් එම ආඥාවෙන් දැනුම්දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.