Author: LFN
ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී විය. මෙහිදී පාකිස්තාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් මහතා, පාකිස්තානයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කථානායකවරයාට පාකිස්තාන ජාතික සභාවේ කථානායකවරයා විසින් සිදු කරන ලද ආරාධනය ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා අවධාරණය කළේ විශේෂයෙන්ම වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම ඉතා වැදගත් වන බවය. එමෙන්ම ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය…
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
අද (02) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…
බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබේ. මූතූර් ප්‍රදේශයේ දී අද (01) මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් අප වාර්තාකරු පැවසීය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයකි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. ඒ NXT සමුළුවේදීය. “මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.” යනුවෙන් මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි. අද (1) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පවසා සිටියේ, අද (1) උදෑසන 7 වනවිට මුදල් ගෙවා ඇණවුම් ලැබූ 2924ක් මේ වනවිට බෙදාහරිමින් තිබෙන බවයි. මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ ඩී. ජේ. රාජකරුණා මහතා, “අද වෙනකොට මුදල් ගෙවා CPC එකෙන් ඇණවුම්කරලා තියෙනවා ලෝඩ් 1696ක්. ඒ වගේම IOC එකෙන් 471ක්, Sinopec එකෙන් 391ක්, RM Park එකෙන් 366ක්. ඒ කියන්නේ 2924ක් අද දවසේ මුදල් ගෙවලා සාමාන්‍ය පරිදිම බෙදාහරිමින් පවතිනවා. කොළොන්නාවට ඇවිල්ලා තිබුණා බවුසර් 140ක් පමණ. ඉන් 60කට අධික ප්‍රමාණයක් පිටවෙලා තියෙනවා. සාමාන්‍ය…
රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළබව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත් වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව යාල කලාප අංක 1ට අදාල කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා ඇත. මේ පිළිබඳව අපකළ සොයා බැලීමේදී යාල වනෝද්‍යානය පිවිසුම් මාර්ගය නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගංවතුරෙන්…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත් ඒ සඳහා කමිටුවක් මේ වනවිට ස්ථාපිත කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. “ජාතිවාදය, අන්තවාදය යළි කිසිදිනෙක අපේ රට හිස එසවීමට අපි ඉඩදෙන්නේ නෑ…” යනුවෙන් ද පැවසූ ජනාධිපතිවරයා, සංවිධානාත්මක අපරාධකල්ලි හුදු අපරාධකරුවන්ගේ කල්ලියක් පමණක් නොව ඔවුන් කාලයක් පුරා නිදැල්ලේ දේශපාලන රැකවරණය ඔස්සේ වර්ධනය…
කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවය. මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා පවසයි. එමෙන්ම අද දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇතැයිද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය…