Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්
    Featured

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්

    By LFNMarch 1, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත් ඒ සඳහා කමිටුවක් මේ වනවිට ස්ථාපිත කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    “ජාතිවාදය, අන්තවාදය යළි කිසිදිනෙක අපේ රට හිස එසවීමට අපි ඉඩදෙන්නේ නෑ…” යනුවෙන් ද පැවසූ ජනාධිපතිවරයා, සංවිධානාත්මක අපරාධකල්ලි හුදු අපරාධකරුවන්ගේ කල්ලියක් පමණක් නොව ඔවුන් කාලයක් පුරා නිදැල්ලේ දේශපාලන රැකවරණය ඔස්සේ වර්ධනය වීමට ඉඩහැර ඇතැයි ද පැවසීය.

    මේ අතර පොලීසියේ ඇතැම් අය ද මෙම අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වන බව පැවසු ජනාධිපතිවරයා, ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ගේ පුතෙකුට ගිනිඅවි 7ක් ලබාදී තිබූ බවත් පැවසීය.

    ඇතැම් ගිනිඅවි නිසි ලෙස සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නොමැති පාලනයක් රට තුළ තිබී ඇතැයි ද කියා සිටියේය.

    “මතක තියා ගන්න ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිබිම්ගත අපරාධ කල්ලිය සමග හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා…මේවා කොහොම ද මේ කල්ලිවලට ආවේ.

    පරීක්ෂණ සිදුවෙනවා බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ. අපි ඒවා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඉස්සර මේක සාම්ප්‍රදායක් වෙලා. පරීක්ෂණ තත්ත්වයන් මාධ්‍යයට ඉදිරිපත් කරාම චූදිතයින්ට සැඟවීමට වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සංදර්ශන පරීක්ෂණ. අපි ඒවා තියන්නේ නෑ.”

    හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමග අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.