Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වන සත්ත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්
    Featured

    වන සත්ත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්

    By LFNMarch 2, 2025No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

    මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ඩී.එස් රත්නසිංහ මහත්මිය පත්කළ අතර, තවත් සාමාජිකයින් 15 දෙනෙක් මේ සඳහා පත්කරන ඇත.
    මෙම කමිටුව මඟින් මේ වනවිටත් වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම හා කෘෂි බෝග සඳහා හානි කරන සතුන් කලමනාකරණය පිළිබඳව අදහස් හා යෝජනා විද්වතුන්, පරිසර සංවිධාන, පරිසරවේදීන්, ගොවි මහතුන්, නව නිපැයුම්කරුවන් හා පුරවැසියන්ගෙන් ලබාගෙන ඒවා ඇගයීමට ලක්කරමින් ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

    මෙම කෘෂි බෝග සඳහා හානි කරන වන සත්ව ගහනය පිළිබඳව නිරවද්‍ය දත්ත පද්ධතියක් මේ වනවිට නොමැති වීම නිසා තෝරාගත් වනසතුන් කිහිපයක් සඳහා සංගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් හඳුනා ගෙන තිබේ.
    මෙම සංගණනය ලබන මාර්තු මස සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි සාර්ථකත්වය මැන බැලීම සඳහා පූර්ව පරීක්ෂාවක් ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමක් තෝරාගෙන පසුගියදා පැවැත්විණි.

    එසේම පසුගිය විසි හත්වන දින මෙම විෂයට අදාළ විශේෂඥයන් පිරිසකගේ අදහස් විමසීමක් අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ අතර මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වනජීවීන් කළමනාකරණයට අදාළ කිසිදු ආයතනයක් මේ වනවිට නොමැති බවත් වනජීවීන් කළමනාකරණය පිළිබඳව කතිකාවතක් සමාජය තුළ ගොඩනැගිය යුතු බවය.

    නිසි කළමණාකාරීත්වයක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය මැදිහත්වීම වර්තමාන රජය විසින් සිදු කරමින් මෙම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේදී කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    එමෙන්ම මෙම කමිටුව විසින් ගනු ලබන සියලු නිර්දේශ මාර්තු මස අවසන් වීමට ප්‍රථම අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.