Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සිසුවෙකුට පහරදුන් පොළොන්නරුවේ විදුහල්පතිවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
    Local News

    සිසුවෙකුට පහරදුන් පොළොන්නරුවේ විදුහල්පතිවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    By LFNMarch 2, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවෙකුට තදබල ලෙස පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    මැදිරිගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අදාළ විදුහල්පතිවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කර ඇත.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් සිදුකර ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැදිරිගිරිය පොලීසිය පෙන්වාදී ඇත්තේ තමා අධ්‍යාපන ලබන පාසලේ විදුහල්පතිවරයා පාසල් වේලාව තුළදී තමන්ට තදබල ලෙස පහරදී වද හිංසා කළ බව පවසමින් 17 හැවිරිදි සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවය.

    පහරකෑමෙන් සිසුවාගේ එක් කනකට තුවාල සිදුවී රුධිරය වහනය වී ඇති අතර ඔහු මැදිරිගිරිය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    නිසි ලෙස, කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් යුගලයක් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් සැකකාර විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවත් මීට පෙර ද විදුහල්පතිවරයා අදාළ සිසුවාට විවිධ වධ හිංසා පමුණුවමින් තාඩන පීඩන සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බවත් මැදිරිගිරිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බව සඳහන්ය.

    මේ අතර සැකකාර විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසනීප තත්ත්වයක් ඇති බව පවසමින් මැදිරිගිරියේ මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකාර විදුහල්පතිවරයා පරීක්ෂා කිරීමෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර ඇති බව වාර්තාවේ.

    රක්ෂිත බන්ධනාගාර ගත කළ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.