Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් කෙරේ
    Featured

    ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් කෙරේ

    By LFNFebruary 28, 2025No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළාය.

    පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

    මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවයි.

    මේ අතර මෙම පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න නමැත්තිය සාක්ෂි ලබා දුන්නාය.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සහෝදරිය,

    “සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ.

    පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30ක් 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩිතිබ්බා කියලා ආරංචි කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා.

    පසුගිය 20වනදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මියගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා” යනුවෙන් සාක්ෂි දෙමින් සඳහන් කළාය.

    මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මරණයට පත් වූ සංජීව කුමාර සමරත්න නමත්තාට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම වැදගත් බවත් එම නීතිඥවරු පෙන්වා දුන්හ.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවාය.

    ඉන් අනතුරුව ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් ඇය නියෝග කළාය.

    එමෙන්ම නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමටද මෙහිදී නියෝග කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.