Author: LFN
නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02ක්, පතරොම් හා කඩු 02ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරියක් ඊයේ (22) රාත්‍රී කාලයේදී හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, “ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා.” “යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.” “වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා.” “වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා…
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම මෙම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී ඇත. සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු…
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය විසින් තහවුරු කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගණේමුල්ල සංජීව නැමැත්තා නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ගණේමුල්ල සංජීව නැමැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇත.
කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි. ඩෙල්ටා ගුවන් සේවයට අයත් අදාළ යානය කැනඩාවේ මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ – පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව සඳහන්ය.
හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ. පාන්පිටි මිල අඩුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා, “2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළා. කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්, ආයතන දෙකම දැන් කිලෝග්‍රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්‍රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ…
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි. තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේ ය.
කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ අඩක් පිළිස්සී ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් මෙලෙස හමුවූ බවය. ඊයේ (14) රාත්‍රී 8ට පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන තිබූ බවත් ඒ මොහොතේ මෙම පුද්ගලයා මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවත් පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගලේවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.