Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්ද ගුණ්ඩුවලට තිත තියන්න ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
    Featured

    ඡන්ද ගුණ්ඩුවලට තිත තියන්න ඉදිරියේදී අලුත් මැතිවරණ නීති

    By LFNFebruary 26, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේ, මේ සඳහා මැතිවරණ නීතිද යම් ආකාරයකට වෙනස් විය යුතු බවයි.

    කෙසේ නමුත් මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ ඡන්දය නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොැමැති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු බවත් ඒ මහතා පැවසීය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සමන් ශ්‍රී රත්නායක මහතා,

    “අපේ රටේ තියෙන සම්ප්‍රධාය තමයි ඡන්දයක් තිබුණට පසු පත්කරගන්නවා, ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි අයෙම යනවා. ඕක තමයි ක්‍රමේ.

    අපි හිතන්නේ පත්කරගත්තට පස්සේ අපේ රාජකාරිය ඉවරයි කියන එක. එහෙම නෑ. පුරවැසියෝ විදිහට අපට අනිවාර්ය වගකීමක් තියෙනවා අපි පත්කරගත් සභිකයනින් ලවා අපේ කාර්යභාරය කරවා ගැනීමට. එසේ නොකරනාවනම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා.

    අපේ රටේ නැවත ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැවත ඡන්දයක් එනකම් විතරයි. ඒකට මැතිවරණ නීතිත් යම් ආකාරයකට වෙනස් විය යුතුයි. අපේ රටේ නැවත කැඳවීමේ ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රමවේදය තුළ නෑ. ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු කාරණා. අලුත් මැතිවරණ නීති සංශෝධනයේදී ඒවා හඳුන්වාදිය යුතු කාරණා වෙනවා.

    අපේ රටේ ඡන්ද දායකින්ට වඩා පාරිභෝගිකයෝ ඉන්නේ. දුන්නොත් දෙනවා කියන න්‍යායේ තමයි ඉන්නේ. ඉන් එහාට ගිහින්, දීලා විතරක් බෑ, දුන්නට පස්සේ එක ඇදගෙන යාමත් පුරවැසියන්ගේ වගකීමක්”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.