Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
    Gossip

    කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNFebruary 24, 2025No Comments1 Min Read21 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

    ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    එමෙන්ම මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වි ඇත.

    තවද මෙම සැකකරු විසින් පසුගිය 10 වනදා ද කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 202604 Views

    ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.