Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්
    Hot News

    ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

    By LFNFebruary 13, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

    “මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග හා සැලසුම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගතයේ අපේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙතැයි මම තරයේ විශ්වාස කරනවා. වර්තමානයේ දී අපේ රටවල් මට්ටමිනුත් කලාප මට්ටමිනුත් ලෝක මට්ටමිනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. සංකීර්ණයි. මේ ප්‍රශ්න නොතකන සමහරු තමන්ගේ ආත්මාර්තකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න වෙන බව තම තමන්ගේම හුදකලා චාරිකාව අවසන් කරනවා. ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානය යොමු කරනවා. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සහ ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තිබෙනවා. ගෞරවනීය අමුත්තනි ඔබ ඇතැම්විට මැද පෙරදිග නියෝජනය කරනවා විය හැකියි. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් නියෝජනය කරනවා විය හැකියි. අප සියලුදෙනා මුහුණදෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු යන්නයි.

    අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුයි කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා. අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක් හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා. මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු.”

    මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම ද එහිදි පැහැදිලි කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.