Author: LFN

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. ඊයේ (11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි. එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් ව ඇත. මේ සඳහා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී කණ්ඩායම සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සගර කාරිවසම් මහතා, “අද අපි විශේෂ සාකච්ඡාවත් තිබ්බා. මේ වන විට හෙළිදරව්වෙමින් පවතිනවා මේ සිදුවෙලා තියෙන්නේ මොනවද කියන කාරණය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල X ගිණුමේ…

Read More

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එම පොලීසියේම පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (11) ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය. ඒ, කොස්තාපල්වරයාට පලායෑම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතය. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මිලාන් කේසර සමරතුංග නමැති ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රාජකාරි ගිනිඅවිය රැගෙන පොලිස් ස්ථානයෙන් පිටවූ කොස්තාපල්වරයා විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ දක්වා යෑමට යතුරුපැදියක් භාවිත කර ඇති බවය. කෙසේවෙතත්, යතුරුපැදිය අතරමග දමාගොස් ඇති අතර අද දින අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා එම ස්ථානයට ගොස් යතුරුපැදිය රැගෙන එන ආකාරය CCTV කැමරාවක සටහන්වී තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

Read More

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (11) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්විට්සර්ලන්ත තානාපතිනිය හමුවේ කියා සිටියේ මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයෙන් ලබා දිය හැකි උපරිම උදව් උපකාර ආදිය ලබා දෙන ලෙසය. පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන්…

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වෙයි. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වනදා සිට සහ 18 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය. විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Read More

බෝමිරිය ප්‍රදේශයේ පාසලක ඊයේ (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ. විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුම ඇතිකරගත් බවය. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුවට ඇමතීමට නියමිතව තිබේ. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබේ. මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්…

Read More

මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය. “විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි IMF එකට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි. නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා. එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ…

Read More

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. මේ අතර fm දෙරණ අසපුව නවම් පොහොය සජීව විකාශය අද දවස පුරා නෙළුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ දී පැවැත්වේ. 122 වන වරට පැවැත්වෙන අසපුව පොහොය වැඩසටහනේ දී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සජීව ලෙස fm දෙරණ ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව අද (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන මේ වන විට විදේශගත වී සිටින වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.

Read More