Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන්න – සජිත්
    Featured

    පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන්න – සජිත්

    By LFNFebruary 12, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ.

    ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (11) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

    එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්විට්සර්ලන්ත තානාපතිනිය හමුවේ කියා සිටියේ මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයෙන් ලබා දිය හැකි උපරිම උදව් උපකාර ආදිය ලබා දෙන ලෙසය.

    පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවූ විදුලි ඇනහිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය කාලය පුරාම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමා ඇතුළු පිරිස දිගින් දිගටම රජයට යෝජනා කර සිටි බවය.

    එමෙන්ම විදුලි පරිභෝජනය සහ බලශක්ති උත්පාදනය හේතුවෙන් ඇති වූ පද්ධති අසමතුලිතතාවයන් මෙම විදුලිය ඇනහිටීමට හේතු වූ බව පැහැදිලි කළේය.

    පරිපාලනය නොසලකා හැර ඇති තීරණාත්මක යටිතල පහසුකම් වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සහ පොම්ප කරන ලද ගබඩා බලාගාර (PSPP) සඳහා හදිසි අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

    එබැවින් විදුලි කප්පාදුවෙන් තොරව ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන පියවර ගැනීම රජය කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.