Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ අයෙකුට දඩ
    Featured

    පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ අයෙකුට දඩ

    By LFNFebruary 11, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුල්ලන් සහිත මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය.

    එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත් නියෝග කළාය.

    පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණි.

    විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය පවසා ඇත්තේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 30,000 ක් සොයා ගැනීමට හැකි වූ බවය.

    කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින් එම පරිප්පු තොගය මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.

    අත්අඩංගුවට ගෙන තිබෙන එම පරිප්පු තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මමහෙස්ත්‍රාත්වරිය අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම පරිප්පු තොගය විනාශ කරන ලෙසද නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202603 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.