Author: LFN

අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. සෙවනගල පොලීසිය සඳහන් කළේ ඊයේ (06) දහවල් කාලයේදී සෙවනගල පොලිස් වසමේ නෙලුම්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුගේ අසල නිවසේ අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින තම මවට දිවා ආහාරය ලබාදීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදී, නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා ඔහුගේ පියා විසින් නිවස තුළ අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය. අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා, “හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව…

Read More

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, “දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”

Read More

අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය. මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය. සම්පූර්ණ ලැයිස්තුව පහතින්, කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000 විමලවීර දිසානායක – රුපියල් 550,000 ගීතා කුමාරසිංහ…

Read More

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි. පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ. මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු…

Read More

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි. ඊට අමතරව මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ඊයේ (4) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධීව ලෙස මෙරටට රැගෙන එන ලද සුරතල් සතුන් රැසක් සොයා ගැනීමට හැකිව ඇත. මෙලෙස හමු වූ සතුන් අතර පරෙවි, අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් මෙන්ම පියාඹන ලේනුන් (Flying squirrels)ද සිටින බව නාවික හමුදාව පවසයි. උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික ‍නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව, එම ආයතනය සහ මන්නාරම කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ. ඒ අනුව මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂා කිරීමේදී මෙම සතුත් හමුව ඇත. එම ලොරි රථයේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය…

Read More

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read More

රාගම – තලගොල්ල ප්‍රදේශයේ නිවසක දී ඊයේ (05) සවස කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ 76 ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත. ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර ඊයේ අළුයම් වාලච්චේන,…

Read More