Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන් දෙකක ඝාතන දෙකක්
    Featured

    තැන් දෙකක ඝාතන දෙකක්

    By LFNFebruary 6, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාගම – තලගොල්ල ප්‍රදේශයේ නිවසක දී ඊයේ (05) සවස කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ.

    මෙලෙස ඝාතනය කර ඇත්තේ 76 ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

    ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි.

    මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    මේ අතර ඊයේ අළුයම් වාලච්චේන, ඕමනියාමඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත.

    මෙලෙස ඝාතනයකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ තිරුප්පලුකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඥාති සහෝදරයින් දෙදෙනෙකු අතර පැවති පැරණි ආරවුලක් මත බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොලු මුගුරු වලින් එකිනෙකා පහරදී ගැනීමේදී මරණකරු එම ආරවුල සමථයට පත් කිරීමට යාමේදී පොලු පහරක් මරණකරුගේ හිසට වැදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත.

    ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 19 ක් හා 26 ක් වන ඕමනියාමඩු හා මහුරුමුනේ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.