Author: LFN
ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
වෙඩිතබා මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) දහවල් කාලයේ මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු 2022.11.19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.01.18 වන දින කොටහේන පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.…
ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය. වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය. එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවය. මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්ය. අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පැවසුවේය.
දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී කොළඹ භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට එවා තිබූ සැක සහිත පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සොයා ගැනීම සිදුකළ බවය. බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයාගෙන තිබේ. කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස භාණ්ඩ ප්‍රවාහන ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල්…
කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය. “පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණයෙන් මැරිච්ච තාරාවන්ගේ ශරීර පටකවලින් පරීක්ෂණ කිහිපයක් කරා. ඊට අමතරව ලේ පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ කිහිපයක් සිදුකරනවා. මේ වනවිට අපිට පෙනී ගිහින් තියෙනවා Pasteurella multocida කියන බැක්ටීරියාව ආසාදනය වී ඇති බවයි අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වුණත් අපි තවදුරටත් තත්ත්වය පරීක්ෂා කරන්න තවදුරටත්…
සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය. ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසයි. එම මාසය තුළ ඩෙංගු මරණ දෙකක්ද වාර්තා වූ බව එම ඒකකය සඳහන් කළේය. ජනවාරි මාසය අවසන් වීමට පෙර ඩෙංගු අධි අවදානම් කලාප 16ක් ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පැවසීය. ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 4,943කු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 764කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 674ක් සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 608 දෙනෙකුද වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්ද…
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (03) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව අද (04) දින යාපනය එක්සත් තරුණ සංගමය විසින් සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස් ඒකරාශී කර ගනිමින් යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින වැඩසටහනක් පවත්වා ඇත. එහිදි ජාතික කොඩි රැගත් රථ පෙළපාලියක් හා පා ගමනක්ද , පන්නෙයි කලපුව ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ විචිත්‍රවත් සරුංගල් සංර්දශණයක් හා බෝට්ටු සවාරියක්ද පවත්වා ඇත.
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස්නව ලක්ෂ ඉක්වන බවත් අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවද කාර්යංශ නිලධාරීන් පැවසීය. මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 07 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.