Author: LFN

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම් උළෙල සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය සියයට 40කින් පමණ අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා…

Read More

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්විණි. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පවත්වන ලදි. රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් මේ සඳහා එක්ව තිබුණි. රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයක් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශය වෙත දැනුම්වත් කර තිබුණි. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්…

Read More

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් දක්වා ඇත්තේ වග උත්තරකර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද බවය. පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව…

Read More

හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය. ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය. හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි. මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති…

Read More

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

Read More

අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී ඊයේ (2) ප.ව. 8ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත. මෙහිදී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයන් වයස අවුරුදු 29ත් 45ත් අතර වයස්වල පසුවන ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී…

Read More

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති රත්නායක මහත්මිය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බව සඳහන්ය. එමෙන්ම ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් 31වනදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කල බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කරයි. එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බව ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා ඇත.

Read More

උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කර තිබුණි. ඒ අනුව රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසුවේය.

Read More