Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්
    Featured

    නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්

    By LFNFebruary 3, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

    අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය.

    ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

    හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.

    මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේ, උදෑසන 7ට පෙර අදාළ ස්ථානය වෙත ගොස් අසුන් ගන්නා ලෙස සියලු ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

    මේ අතර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙණු ඇත.

    බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.අස්.පී හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ගය වසා ගමනා ගමනය සීමා කර තිබේ.

    පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බව ද පැවසු ඉන්දික හපුගොඩ මහතා, කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.

    නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන වාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වී තුම්මුල්ලට හා බොරැල්ල කනත්ත දෙසටත් ගමන් කළ හැකියි.

    මේ අතර බෞද්ධාලෝක මාවතෙන් හෝර්ටන් වටරවුම දක්වා පැමිණෙන වාහන විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් දෙසට ගමන් කළ හැකියි අතර, විජේරාම හන්දියෙන් විද්‍යා විජේරාම හන්දියෙන් තුම්මුල්ල දෙසට යන වාහන විද්‍යා විජේරාම හන්දියෙන් බුලස් විජේරාම දෙසට පැමිණ බොරැල්ල කනත්ත දෙසට හා තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.

    රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ අඩු පිරිවැයකින්, මහජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් සහ වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමටය.

    මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව සියයට 40කින් අඩු කර ඇති අතර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.