Author: LFN

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ‍ඩොලරයේ අගය ඉහළ…

Read More

ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඊයේ පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එමෙන්ම ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකරමින් ආරම්භකළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. “වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය. ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා. ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී…

Read More

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (02) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල්…

Read More

මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය. එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය. විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය, “විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ…

Read More

පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ. ඊයේ (01) අලුයම් කායේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, ආඩිමුනේ, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි. පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. මෘත ශරීරය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී ඇත. ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී…

Read More

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය. උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති මහනුවර සහ බදුල්ල අතර කොටසේ ස්වභාව සෞන්දර්ය නැරඹීම වෙනුවෙන් විදෙස් සංචාරකයින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය හඳුන්වා දී තිබේ. ඒ අනුව මහනුවරින් උදෑසන 9.45ට ගමන් ආරම්භ කරනු ලැබූ මෙම දුම්රිය පස්වරු 5.25ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 6.00ට යළිත් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00ට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමට නියමිතය. මෙම දුම්රිය සෑම සති අන්තයකම පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම…

Read More

ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. ආනයන සීමා ඉවත් කරමින් අද (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා මේ බව පැවසීය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි. “අන්තිමට වෙන දේ තමයි රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් රුපියල් කෝටියකට මෙහා ගන්න බැරිවෙන එක.…

Read More

ත්‍රිකුණාමලය – හඹරණ මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙක් වෑන් රථයේ රියදුරු බව වාර්තා වේ.

Read More

කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ ඊයේ (31) අළුයම කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙම ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඊයේ දිනයේදීම ඇගේ 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබීය. පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි. පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් සොයාගෙන තිබේ. එහි සඳහන්කර ඇත්තේ තමන්…

Read More