Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපන් වාහනවල අලුත්ම මිල ගණනන් ගැන හෙළිදරව්වක්
    Featured

    ජපන් වාහනවල අලුත්ම මිල ගණනන් ගැන හෙළිදරව්වක්

    By LFNFebruary 1, 2025No Comments2 Mins Read603 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

    ආනයන සීමා ඉවත් කරමින් අද (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා මේ බව පැවසීය.

    මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.

    “අන්තිමට වෙන දේ තමයි රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් රුපියල් කෝටියකට මෙහා ගන්න බැරිවෙන එක.

    අවුරුදු 5ක් වගේ කෙරුවනම් ලක්ෂ 60කට 65කට විතර ගන්න තිබුණ එකක් තමයි මේ නැති කෙරුවේ”.

    නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 2ක ජපන් වාහනවල වත්මන් වෙන්දේසි මිල හා එය මෙරට බදු අගයද එක්කළ පසු වාහනවල මිල ඉහළ යන ආකාරය පිළිබඳව මෙරෙන්චිගේ මහතා මෙහිදී කරුණු අනාවරණය කර සිටියේය.

    ඒ අනුව Toyota Raize 1200cc කාණ්ඩයේ මෝටර් රථයක් ලක්ෂ 160කට පමණ ඉහළ යා හැකිය.

    එමෙන්ම Toyota Yaris රථයක්ද ලක්ෂ 110කට වඩා වැඩිවනු ඇත.

    මේ අතර ලක්ෂ 195ක පමණ වටිනාකමක් ඇති Honda Vezel 1500cc හයිබ්‍රීඩ් රථයක් ද ලක්ෂ 240ක පමණ අගයක් ගැනීමට ඉඩතිබේ.

    ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රියකරන Wagon R රථයක්ද රුපියල් කෝටියකට වඩා ඉහළ යනු ඇති බවද මෙහිදී පෙන්වාදුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.