Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලුණු ආනයනයට පුද්ගලියක අංශයටත් අවසර
    Featured

    ලුණු ආනයනයට පුද්ගලියක අංශයටත් අවසර

    By LFNFebruary 4, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණි.

    ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබූ අතර පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය.

    ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890කි.

    කෙසේවෙතත් ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සාකච්ඡාවක් පැවැත්වුණි.

    ඒ අනුව ලුණු ආනයනය සඳහා මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් අවසර හිමිවූ අතර, අද සිට පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවට දැනුම්දුන් බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

    එම සාකච්ඡාවෙන් අනතුරුව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කළේ ලුණු ආනයනයත් සමග වෙළෙඳපොා‍ළේ ලුණු මිල ඉහළ යනු ඇති බවය.

    කෙසේවෙතත් ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සදහන් කළේ වෙළඳපොළේ පවතින හිඟය මත ලුණු මිල ඉහළ ගියද ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළෙහි ලුණු මිලෙහි ඉහළ යාමක් සිදු නොවනු ඇති බවය.

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට මෙලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු නොකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202603 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.