Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලුණු ආනයනයට පුද්ගලියක අංශයටත් අවසර
    Featured

    ලුණු ආනයනයට පුද්ගලියක අංශයටත් අවසර

    By LFNFebruary 4, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණි.

    ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබූ අතර පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය.

    ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890කි.

    කෙසේවෙතත් ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සාකච්ඡාවක් පැවැත්වුණි.

    ඒ අනුව ලුණු ආනයනය සඳහා මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් අවසර හිමිවූ අතර, අද සිට පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවට දැනුම්දුන් බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

    එම සාකච්ඡාවෙන් අනතුරුව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කළේ ලුණු ආනයනයත් සමග වෙළෙඳපොා‍ළේ ලුණු මිල ඉහළ යනු ඇති බවය.

    කෙසේවෙතත් ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සදහන් කළේ වෙළඳපොළේ පවතින හිඟය මත ලුණු මිල ඉහළ ගියද ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළෙහි ලුණු මිලෙහි ඉහළ යාමක් සිදු නොවනු ඇති බවය.

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට මෙලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු නොකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.